හෙළ ජන කවියේ පාද යාත්‍රාව “මාත්රා” Featured

Sunday, 19 October 2014 00:00 Written by 

හේමමාලි සමග අද කථා බහ - සෞන්දර්්‍යය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨෙ කථිචාර්්‍ය  සමන් පනාපිටිය 

මහසෙන් ගැමුණු  පැරකුම් නිරිඳු යළි ඉපදුනා වැනි..

මේ දිනවල ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ඒ වගේම  හෙළ සංස්කෘතිකාංග හා ජන ගීය සංරක්ෂණය කිරීමේ ඉතාමත් වටිනා මෙහෙයක් ඉටු කරමින් “මාත්රා”  නමින් ප්‍රාසංගික ජන ගී කණ්ඩායමක් රට පුරා ප්‍රසංග, වැඩමුළු පවත්වමින් සිටිනවා.  මෙහි  නිර්මාතෘ සමන් පනාපිටිය මහතා සමග කතා බහක යෙදෙන්න අවස්ථාවක් මට ලැබෙනවා.  ඒ   ඔක්තෝබර් 18 වෙනිදා මෙල්බර්න් නගරයේ පැවත්වෙන   “හෙළ මාත්‍රා” නම් සංස්කෘතික පදනම දොරට වැඩුම  උත්සවයට ඔහු සහභාගී වීමට පැමිණීම නිමිත්තෙනි.  ඔහු සෞන්දර්්‍යය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨෙ කථිචාර්්‍යවරයෙක්  වන අතර මානව වංශ සංගීත විද්‍යා අධ්‍යන අංශයේ  අංශාධිපතිතුමා ද වෙනවා.    ඔහු සමග සෞන්දර්යයේ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සමන් ලෙනින් ගේ ජන ගී නිර්මාණ දැක්මක් මෙහිදී  ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.   ඒ පිළිබවඳත් ඔහුගේ මාත්රා කණ්ඩායමේ තොරතුරුත් අපි අහමු. 

හේමමාලි:

හෙළමාත්‍රා සංස්කෘතික පදනමේ දොරට වැඩුම නිමිත්තෙන්  මෙහි පැමිණි ඔබතුමා මෙල්බර්න්වාසී ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සාදරයෙන් පිළි ගන්නවා.   මේ හෙළ මාත්‍රා සංස්කෘතික පදනම ගැන වචන කීපයකින් පැහැදිලි කරන්න පුළුවන්ද?

සමන් පනාපිටිය මහතා:

ඕස්ට්‍රේලියාවේ හැදෙන වැඩෙන දරුවන්ට ශ්‍රී ලාංකික සිරිත් විරිත්, ජන කලා නිර්මාණ,  සංස්කෘතික වටිනාකම් පිළිබද අවබෝධයක් හුරුවක් ලබාදෙන්න පිහිටුවා ගත් ආයතනයක්.  ලෝකයේ කුමන රටක ජීවත් වුවත් අපේකම රැක ගෙන ජීවත් වෙන්න පුළුවන් නම් තමන්ගේ අතීත දායාදයන් පිළිබදව පැහැදිලි යමක් තමන්ගේ දරුවන්ට දෙන්න පුළුවන් නම් එතන මිනිසත්කම රැදේවි.  මුදල් වලින් පමණක් නොව අධ්‍යාත්මයෙන් දියුණු පිරිසක් රටකට දායාද වේවි.  මෙම සංවිධානය මම දකින්නේ එවන් සද්කාරයකට මුල පුරන නූතන පරම්පරාව තුළ හෙළ සංස්කෘතිය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට උත්සාහ දරණ සංවිධානයක්  හැටියටයි. 

හේමමාලි:

අපි දන්නවා ඔබ සහ ඔබේ  මාත්රා කණ්ඩායම ප්‍රාසංගිකව ජන ගී ඉදිරිපත් කරන කණ්ඩායමක් බව.  නමුත් ඔබතුමාගෙන්  අහන්න කැමතියි මෙවන් කණ්ඩායමක් බිහි වීමේ අරමුණ ? 

සමන් පනාපිටිය මහතා:

ඔව් මම කෙටියෙන්  පැහැදිලි කරන්නම් මේ විදියට.   මාත්රා කණ්ඩායම බිහි වෙන්නේ   2006 වසරේදි.   මානව වංශ සංගීත විද්‍යා විෂය අධ්‍යනය කකරන්න පටන් ගත් දා  සිට ජන සංගීතයේ යට ගියාව පිළිබදව හා දැනට අපට පෙනෙන්නට ඇති ජන කලාව පිළිබඳව  ඉගැන්වීම්, සොයා ගැනීම්  වලදී මට හැඟී ගිය කරුණ නම් පොත් පත් වලට පමණක් සීමා නොකර වර්තමාන  ජනතාව අතරට මේ සංගීතය හා  ශ්‍රී ලාංකේය සංස්කෘතිකාංග, සිරිත් විරිත් ආදිය ෙගන යා යුතුයි කියන කරුණයි.  එසේම  ඒවා   සංරක්ෂණය කිරීම, ප්‍රචලිත කිරීම හා අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම අපගේ අරමුණයි.  එයයි මේ මාත්රා කණ්ඩායම බිහිවීමට හේතු පාඨ වුණේ. 

හේමමාලි: 

අැත්තටම බෙහොම උතුම් අරමුණක්.  මේ අරමුණ පරිපූර්ණ  කර ගැනීමට ඔබ යොදා ගන්නා ක්‍රමවේදයන් හා මෙහි අන්තර්ගතය  ගැන පැහැදිලි කළොත් : 

සමන් පනාපිටිය මහතා:

මම කැමතියි ටිකක් විස්තර ඇතිව පැහැදිලි කරන්න ඒකට මට අවසර.  ඉතාමත් දීර්ඝ  ඉතිහාසයක්, සංස්කෘතියක්,  අනන්‍යතාවයක් ඇති රටක් හැටියට අපේ මේ ශ්‍රී ලංකා දේශය අපි හඳුනාගෙන  තියෙනවනෙ.  නමුත්  අද වෙනකොට  බොහෝ සිරිත් විරිත්  සංස්කෘතිකාංග සහ වෙනත් වටිනා සාර ධර්ම අපෙන් දුරස් වෙලා.  ඒ වගේම තව තවත් දුරස් වෙමින් පවතිනවා.  ඒවා නැති වෙන්න මූලික හේතුව එහි රසවත්කම විසිතුරු බව හඳුනන්නෙ නැතිවීම හා  එහි සුන්දරත්වයට නොදැකීම.  ඉතිං අපි ජන කලාවේ සංස්කෘතියේ රසමුසු තැන් සොයා ගම් නියංගම් සිසාරා යාත්‍රා කරන්න පටන් ගත්තා. 

මේ දේවල් නිකංම ජනතාව අතරට ගෙනියන්න බෑ. ඒක ප්‍රාසංගික මට්මකින් ගෙන යන්න නම් ගායනයට වාදනයට රංගනයට  දක්ෂ  කණ්ඩායමක් සිටිය යුතු වෙනවා . දැනුමක් අවබෝධයක් තියෙන පිරිසක් සිටිය යුතු වෙනවා.    ඒකට මට මුණ ගැහෙනවා  සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න, ඉගෙන ගත්ත දැන් මගේ කණ්ඩායමේ ඉන්න පිරිස. 

ඉතිං අපේ කණ්ඩායම ප්‍රාසංගිකව හා නිර්මාණාත්කව මේ සංස්කෘතිකාංග ඉදිරිපත් කරනවා.  ඒවගේම වැඩමුළු මගින් දේශන මගින් මේවා ජනතාව අතරට ගෙන යාමේ වැඩ පිළිවෙලක් අපි දැනට  ක්‍රියාත්මක කරනවා. 

ගමෙන් ගමට දේශයෙන් දේශයට මෙම ජන කලාවන් විවිධයි.  ඒ අනුව අපේ දේශයේ  ගමෙන් ගමට ගොස් ගවේෂණය කර සොයා ගත් ජන කවි තුන් දහසකට අධික ප්‍රමාණයක් අප සතුව තිබෙනවා.   ප්‍ර‍දේශයෙන් ප්‍රදේශයට  මේ ජන කවි  ගායනාවන් වල වෙනස්කම් සලකා බලා අධ්‍යයනය කර ඒවා තැටිගත කර මාත්රා ප්‍රාසංගික ජන මියැසියේ සංරක්ෂණ ඒකකයේ  තැන්පත් කරල තියෙනවා.

ඒ පැරණි ජන ගී වලට අපේ නූතන සංගීතය විධිමත්ව හා පර්යේෂණාත්මකව එකතු කරමින් නිර්මාණශීලීව වර්තමාන පරපුරට ඉදිරිපත් කරනවා. 

හේමමාලි:

ඔබගේ මේ ප්‍රසංග,  වැඩමුළු, දේශන වලට ලැබෙන ප්‍රතිචාර හා  මේ ජන කලාවට ඇති නැඹුරුව  පිළිබඳව ඔබ දකින්නේ කොෙහාමද? 

සමන් පනාපිටිය මහතා: 

වර්තමානය  වන විට ශ්‍රී ලංකාවේ සෑම  ප්‍රෙද්ශයකින්ම වාගේ ප්‍රසංග, වැඩමුළු, දේශන සඳහා අපට ආරධනා ලැබෙනවා.   ඒ  සඳහා වැඩිපුර සහභාගි වෙන්නේ තරුණ පිරිස්.  අපි බෙහොම කැමැත්තෙන් ඒවාට සහභාගි වෙනවා.  හේතුව ලංකාවේ අනාගත සංස්කෘතිය දකින්න වෙන්නේ නූතන තරුණ පරපුරෙන්.  ඔවුන්ව දැනුමෙන් පෙහොසත් කිරීම  ලංකාවට ආදරය කරන අප හැෙමා්ෙගම  වගකීමක්.  නූතන සංගීත සංස්කෘතික භාවිතාව  ඇතුලේ අතරමං වෙලා ඉන්න තරුණ පරපුරට  සුභාවිත කලාව පිළිබඳ අර්ථ දැක්වීම මේ වැඩ සටහන් වල මුඛ්‍ය පරමාර්ථයයි,

අපේ ගායනා අහලා ඔවුන් ඒවා විඳින බව අපට පේන්නේ ඔවුන්ගේ ඇස් වලට එන කඳුලු වලින්.   ආදරය හඳුනන තව කෙනකෙුගේ දුක වේදනාව හඳුනන ඔවුන් අපේ ජන කලාවට දක්වන සෙනෙහස අපි ප්‍රායෝගිකව අත් විඳිනවා.  ඔවුන් අද විඳින්නේ අහන දේ නොව ඇහෙන දේයි.  ප්‍රශ්නය ඔවුන්ට ඇහෙන දේ ඇහෙන්නේ කොහෙන්ද කියන එකයි. 

මේ නැඹුරුව ගැන කියන්න  එක උදාහරණයක් විතරක් මතක් කරන්නම්.  කොළඹ ඉහළ පෙළේ පාසලක දේශනයකට ගිය අවස්ථාවේ  විශේෂයෙන් කියන්නෙ ඕනෙ අපි ගායනා කලේ ජන කවි ඊට අමතරව සංස්කෘතික වටිනාකම් ගැන කතා කළා ෙසෟන්දර්්‍යය විඳින්ෙන ෙකාහාමද කියන ඒක පැහැදිලා කළා. ඒ පාසල් ශිෂ්‍යාෙවා්  දේශනය අවසානයේ බෙහොත්ම හැගීම්බර වුණා.   ඔවුන් අඬමින්ම විදුහල්පති තුමියෙගන්  ඉල්ලීමක් කළා අපිට සෑම වසරකම මේ දේශනය පවත්වපු දිනය නිමිති කරගෙන අපේකම ගැන සතියක කාලයක් වෙන් කරල දෙන්න කියල.  විදුහල්පතිතුමිය ඒ දරුවන්ට ඒ අවසරය දුන්නා.  ඉතිං ඒ වගේ අත්දැකීම් බොහෙමයක් අපට තියෙනවා. 

හේමමාලි:

තව ෙනාෙබා් දිනකින් ඔබතුමා බුන්කා සම්මානයට පාත්‍ර ෙවනවා  ඒ් ගැන විස්තර කෙළාත් 

සමන් පනාපිටිය මහතා:

ඔව් ෙම් සම්මානය ජපානෙයන් පිරි නමන සම්මානයක්.  ඒ්ක පිරිනමන්ෙන් අවුරුදු පහකට වරක්. ලංකාෙව් විවිධ විෂයන් වලින් කරන ලද ෙස්වය පිළිබද ඒ් අය ස්වයං අධ්‍යයනයක් කර  අැගයීමට ලක් කරනවා ෙමම සම්මානය මගින්.  ෙම් සම්මානයට මා පාත්‍ර වීමට නියමිතව අැත්ෙත් ලංකාෙව් සංස්කෘතිය, ජන කවිය ෙවනුෙවන් කරන ෙමෙහය සදහායි. 

හේමමාලි:

අවසාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඔබ දෙන පණිවිඩය

ඔබ ලොකේ කොයි රටක ජීවත් වුණත් ශ්‍රීලාංකික කම ඇතිව  ජීවත් වෙන්න.  ඔබේ දරුවන්ටත් ශ්‍රීලාංකික අභිමානයක් ඇතිව ජීවත් වෙන්න අවස්ථාවක්  උදා කර දෙන්න. එයයි මගේ ඉල්ලීම. හෙළ මාත්‍රා සංස්කෘතික පදනම එවන්  කටයුත්තක ආරම්භයක් ඉතිං එම උදාර  අවස්ථාවට  සහභාගී වෙන්න ලැබීමත් එක අතකින් වාසනාවක් කියා මට සිතනෙවා. 

හේමමාලි:

ඇත්තෙන්ම ඔබතුමා වැනි උත්තමයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් අවශ්‍ය කරන කාලයක් මේක.  අද පාසල් තුළින් බිහිවන දරුවා හෙට සමාජයේ වැඩිහිටි පුරවැසියෙක්.  රටක අනන්‍යතාවය නොදැන සංස්කෘතියට ගරු නොකර කලාව රස විදීමේ රසඥතාවයක්  නොමැතිව දරුවෙක් රටට දායාද වුණොත් එවන් රටත් සමාජයත් කොයි  අත යා දැයි කාට කිව හැකිද?  එහෙයින් ඔබතුමා මේ කරන සද්කාරය ශ්‍රි ලාංකික ජන සමාජයට මිළ කළ නොහැකි උතුම් කර්ත්‍යවයක්.  පෙර රජ දරුවන් දාගැබ් මහා වැව් බැන්දා. රට ජාතිය ආගම දිවි හිමියෙන්    රැක ගත්තා.   කලාව සංස්කෘතිය ඔප් නංවා රටේ තේජස ලොවටම පෑවා.  අද දරුවන් වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් වයස් බේදයක් ජාති ආගම් බේදයක් නොමැතිව අගනා කලාවක් ව්‍යාප්ත කිරීමේ  මහඟු කාර්යයක නියැලී සිටින ඔබත් රජෙක් මිස වෙන කවුරුද?  ඔෙබ් ෙම් සද්කාරය තව තවත්  ෙලා්කය පුරා ව්‍යාප්තව රැෙගන යාමට  ඔබතුමාට ෙෙධර්ය ශක්තිය වාසනාව ලැෙබ්වා! 

ෙහළ මාත්‍රා  ෙදාරට වැඩුම ඔක්ෙතා්ම්බර් මස 18 වැනි ෙසනසුරාදා හවස 6.00ට ඩ්‍රම් තියටර් , ඩැන්ඩිෙනාන් හිදී පැවත්ෙව්.  අනුග්‍රහය වින් කැපිටල්  (Vin Capital) අායතනය.

 

Last modified on Sunday, 19 October 2014 10:42