Gaha Kola Mal

Sunday, 19 June 2016 00:00 Published in Music Videos

Lyrics - Saman Kularatne
Artist - Chanuki Rathnasinghe
Music - Indrajith Mirihanage

ගහකොළ මල්...

ගහකොළ මල් අතු බරවී
සුවඳ හමනවා සෙවන සදනවා
ඇලදොළ විල් දිය ඇලි වී
ගලා හැලෙනවා සිසිල සදනවා

ලෙන පැටවූ බටිති මලිති
සින්දු කියනවා සතුට ගෙනෙනවා
මුව පොවුවන් මවු තුරුලෙහි
සුවට නිදනවා සෙනෙහෙ සොයනවා

සමනොළ ගිර වලාකුලෙන්
සළු පළදිනවා නෙත සරසනවා
හිරු කුමරුන් පාන්දරින්
බුදුන් වඳිනවා සිත පහදනවා

 

Last modified on Sunday, 19 June 2016 00:40