"අපේ අවුරුදු උළෙල" 2014

Published in Photos

 

කලක පටන් මෙල්බර්න්හි සිට "අපේ සින්දු " නමින් එදා සිට අද දක්වා ඇසුනු සිංහල ගී නැවත ගායනය කරමින්  අන්තර්ජාලයට මුදාහරිමින්ද, සහෘද එකමුතුවක් ලෙසින් විවිධ සමාජ කටයුතුවල නිරතවෙමින්ද, "අලබෑන්ඩ්" නමින් බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වූ අපූරු සහෘද කැළක් විසින් පස්වෙනි වතාවටත් මෙල්බර්න් පුරවරයේ උත්කර්ශවත් ආකාරයෙන් පසුගියදා ශ්‍රී ලාංකික අවුරුදු උළෙලක් පවත්වන්නට යෙදුනි.
දෙසිය පනහකට අධික ආරාධිත පිරිසක් සමඟින් පැවැත් වූ එම අවුරුදු උළෙල ඉතාමත්ම විනෝදාත්මක එකක් වූ අතර, සහභාගි වූ සියල්ලටම නැවුම් සුන්දර අත්දැකීමක්ද විය. උදෑසන කිරි ඉතිරවීමෙන් ආරම්භ කර, වැඩිහිටියන්ට බුලත් දී වැඳීම වැනි චාරිත්‍රයන්ගෙන් ද, සියළු සාම්ප්‍රදායික රසකැවිලි වලින් පිරුණු අවුරුදු කෑම මේසයකින්ද, විනෝදාත්මක කෙළි සෙල්ලම් වලින් ද හැඩගැන්වුණු මේ අවුරුදු උළෙල එදින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූයේ හවස් භාගයේ "අලබැන්ඩ්" නම් වූ එම සංගීත කණ්ඩායමේ වැඩිහිටියන්ගේ මෙන්ම කුඩා දරු දැරියන්ගේත් සුන්දර වූ නැ‍ටුම් ගැයුම් ආදියෙන් ද විචිත්‍ර වෙමිනි.
මෙම අවුරුදු උළෙලට සහභාගි වූ සියළු දෙනාටම, තමන්ගේම අවුරුදු උත්සවයක් ලෙසින් නිදහසේ සමරන්නට හැකි ආකාරයේ පරිසරයක් නිර්මාණය කිරීමට සුහදශීලී "අලබෑන්ඩ්" සහෘද කැළ කටයුතු කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම අවුරුදු උළෙල උදැසන සිට මධ්‍යම රාත්‍රිය දක්වාම www.alaband.com.auවෙබ් අඩවිය ඔස්සේ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් සජීවීව විකාශය කිරීම හේතුවෙන් ලොවපුරා විසිර සිටින ශ්‍රී ලාංකික හිතවතුනට ද අන්තර්ජාලය ඔස්සේ එහි මිහිර විඳගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසී තිබුණි.
සංගීතයත් මිත්‍රත්වයත් මුසු වූ එකමුතුවක් හරහා සුන්දර නැවුම් අත්හදා බැලීම් ඔස්සේ විවිධ සමාජ මෙහෙවරයන්හි යෙදෙන "අලබැන්ඩ්" නම් වූ ඒ අපූරු සහෘද එකමුතුවට අපේ සුභ පැතුම් !!!
 

වැඩි විස්තර සදහා විමසන්න : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සුන්දර ගීත  අසන්න පිවිසෙන්න අලබන්ඩ් ("www.alaband.com.au") වෙබ් අඩවිය වෙත 
 
All of the above pictures were reproduced courtesy of Mystic Radiance
    Facebook: https://www.facebook.com/MysticRadiance
    Web : http://mysticradiance.smugmug.com
    Mobile: 0433759045

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it." target="_blank">mysticradianceau@gmail.com

www.AusNewsLanka.com - The Online News Magazine for Sri Lankans in Australia

Last modified on Thursday, 24 April 2014 22:19