ජිවිතයට අලුත් ප්‍රවේශයක් with Nuwan Samarapathi

"PULSE" - ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් 

ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ ආපස්සට හැරී බලද්දී සුන්දරම කාලය කුමක්දැයි ඇසුවහොත් එය ළමා කාලය යැයි පිළිතුරු ලැබෙන්නේ සිතැතිනි.  රජ මැදුරක උපන් පුද්ගලයකුටත් දුගී පැලක උපන් පුද්ගලයෙකුටත්  ඔවුන්ට ආවේනික සුන්දර ළමා කාලයක් ඇත.  එය සමාජීය වශයෙන් බැලුකල පන්ති පරතරයක් තිබුනත් දුගී පැලක උපන් දරුවකුගේ ළමා කාලය අසුන්දරයැයි කිව නොහැකිය.

වෙල් ඉපනැල්ලේ දුව පැන, ගලා යන දිය කඩිත්තේ නලියන මසුන් දෙස බලා සිටි ඔබේ ළමා විය ඔබට අමතක වී නැතුවාට කිසිඳු සැකයක් නැත. ඒ, ගෙවුණු ළමාවිය මොන තරම් නිදහස් ව අර්ථවත් ව ගෙවුනේද කියා ඔබ සමහරක් විට සිතනවා ද විය හැකියි.  නමුත්, අද ඔබේ දරුවාට උරුම වී ඇත්තේ  එදාට වඩා හාත්පසින්ම වෙනස් වූ සංකීර්ණ, අවිවෙකී ළමා කාලයක් නොවේද?  සුන්දර, නිදහස් ළමා කාලයක අසිරියේ අයිතිය ඔහුගෙන් උදුරා ගත්තේ එදා ඒ සුන්දරත්වය නොවඩුව විඳි ඔබම නොවේද යන්න සිතීමට කාලය දැන් එළැඹී ඇත.  දරුවන්ගේ සුන්දර ළමා කාලය මව්පියන් විසින්ම ගොදුරු කරගෙන හමාරය. 

බුදු රජාණන් වහන්සේගේ අධ්‍යාත්ම චරිත රළු කළු ගලට නැංවූ සිංහල ප්‍රතිමා කරුවා එය නිර්මාණය කෙළේ ස්වාධීන කලා නිර්මාණ ශිල්පියකු ලෙස විනා කිසිම ප්‍රතිමා කලාවක ආභාෂය ලබා ගත්තකු ලෙස නොවේ.  ඔහු විසින් බිහි කරන ලද එකී විශිෂ්ට ප්‍රතිමා කර්මය වූ කලී බුදු රජාණන් වහන්සේගේ අසම සම ගුණ මහිමය සිත් පිත් නැති සෙල් පව්වකින් වුවද මතු කර ගත හැකි බව ලොවට පසක් කර දීමකි.

හණමිටි දැනුම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පැරැණ්ණන් සතුවූ දැනුමයි. මෙම දැනුමම “දේශීය, “සාම්ප්‍රදායික යන විශේෂණ පද වලින්ද හැඳින්වේ. හණමිටි දැනුම විද්‍යාත්මක නොවන ග්‍රාම්‍ය දැනුමක් බවත්, එය සැබෑ දැනුමක්, නැතහොත් එකම නිවැරදි දැනුම යනුවෙන් ඉදිරිපත් කෙරෙන බටහිර විද්‍යාව වැනි දැනුමක් නොවන බවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ප්‍රචලිත මතයයි. “හණමිටිය කර තබා ගෙන යනවා යන උපහාසය මුසු යෙදුම භාවිතා වන්නේ පැරණි දැනුම භාවිතා කරන අය හෑල්ලුවට ලක් කිරීමටයි.

 

බුදු රජාණන් වහන්සේ  පිරිනිවන් පෑ දා මව් බිමට ගොඩ බට විජය කුමරුගෙන් සිහල ජාතිය පැවත එන බැව් ඉතිහාසය කියයි.