ඔබගේ රැකියා සිහිනය සැබෑ කරගන්නේ කෙසේද ? Featured

Wednesday, 16 September 2015 00:00 Written by  Published in Australia News

COLOMBO UNIVERSITY JOB SEEKERS WORK SHOP

Learn how to get the job you want. 

 

ඔබගේ රැකියා සිහිනය සැබෑ කරගන්නේ කෙසේද ?

 

කොළඹ විශ්ව විද්‍යාලිය විද්‍යාර්තීන්ගේ වික්ටෝරියානු සංගමය මගින් රැකියා අපේක්‍ෂකයන් සඳහා විශේෂ  වැඩමුළුවක්  සංවිධානය කරන ලද අතර එය 2015 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා උදැසන 9.00 සිට සවස 3.00දක්වා නො 6, Mount  Street ,Glen  Weverley හි " Mount  Street Nabourhood House " හිදී පැවැත්වින.

 

මේ සඳහා සහභාගී වන්නන්ගෙන් කිසිම ගාස්තුවක් අය නොකරන ලද අතර එය සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරනු ලැබ තිබීම විශේෂත්වයකි.

 

 

කාලින අවශතාවයක් සපුරමින් සංගමය මගින් මෙවන් ප්‍රයෝජනවත් වැඩමුළුවක් සංවිධානය කොට තිබුනේ වසර ගණනාවක් තිස්සේ ඔවුන් වෙත වරින් වර ලැබුණු ඉල්ලීම් සහ මුලින්ම මෙරටට සංක්‍රමණය වී ස්ථාවරත්වය සොයා යන්නන් වෙත ඇත වැලක් ලබාදීමට මෙන්ම පෙරදී සුලභව ලැබුණු මෙවන් පහසුකම් අද ඔස්ට්‍රේලියාවට මුලින්ම පැමිණෙන අයට නොලැබීමත්, ලැබුනත් ඒ සඳහා යම් මුදලක් වැයකිරීමට සිදුවීමත් යන කරුණු පදනම් කරගෙනයි.

 

මෙම වැඩමුළුවට සහබාගි වන රැකියා අපේක්ෂකයන් සඳහා ඔවුන්ගේ රැකියා අයදුම් පත ඔස්ට්‍රේලියාවට සුදුසු ආකාරයට සකස් කරගැනීම, විශ්වාසයෙන් යුතුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන ආකාරය, රැකියා සඳහා බඳවා ගැනීමේ ආයතන සමග කටයුතු කරන ආකාරය වැනි බොහෝ වැදගත් දේ සම්බන්දව පුළුල් ලෙස සාකච්චා කිරීමේ හැකියාව ලබා දී තිබීම ඔවුන්ට මහත් ප්‍රයෝජනයක් වූ බව සහබාගි වූ බොහෝ දෙනෙකු ප්‍රකාශ කලා.

 

මෙහිදී ඉතාමත් වැදගත් සාධකය ලෙස මෙම වැඩමුළුව මෙහෙයවීම සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුක රැකියා බඳවා ගැනීමේ ආයතන වල නියෝජිතයන්, ඒවගේම ප්‍රදාන සමාගමක සාමාන්‍යධිකාරී වරයකු මෙන්ම මෙරටට සංක්‍රමණය වී මේ වන විට හොඳින් ස්ථාවරත්වයට පත්වූවන්ගේ අත්දැකීම් ද  බෙදා හදා ගැනීමේ අවස්ථාවද  මෙම වැඩමුළුවට සහබාගිවූ රැකියා  අපේක්ෂකයන්ට  ලබා දී තිබිණ.

 

සටහන - සමන් කුලරත්න

 

Current Executive Committee of the Colombo University Alumni Association of Victoria


www.AusNewsLanka.com - The Online News Magazine for Sri Lankans in Australia

Last modified on Thursday, 17 September 2015 12:25
admin

Admin - AusNewsLanka.com
email: admin@ausnewslanka.com