Victoria Police - Police Custody Officer Campaign Featured

Tuesday, 22 March 2016 00:00 Written by  Published in Australia News

VICTORIA POLICE - Police Custody Officer Campaign

මැතිවරණ පොරොන්දු අනුව යමින්, Victoria Policeය නව PCO තනතුරක් නිර්මාණය කොට ඒ සදහා ලබන වසර ඇතුළත 400 දෙනෙකු බදවා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම තනතුර අතිශයින් වැදගත් තනතුරක් වන අතර එය Victoria Police බලකාය තුළ වැදගත් සාමාජිකයකු වීමට (ඔබට) අවස්ථාව උදා කරයි. 

PCO නිලධාරීන්ට Victoria Police සිරභාරයේ සිටින පුද්ගලයන් කළමනාකරණය සහ ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධ කටයුතු නියාමනය පිළිබද වගකීම පැවරෙයි. මෙම තනතුර ආකර්ෂණීය, අභියෝගාත්මක සහ ඵලදායී වෘත්තීය අවස්ථාවක් සලසන අතර ඒ පිළිබද වැඩි විස්තර http://www.policecareer.vic.gov.au/pco/about-the-role වෙබ් පිටුවෙන් ලබාගත හැකිය .

VICTORIA POLICE ය සිය කාර්යමණ්ඩලය තුළ ජනවාර්ගික විවිධත්වය අතිශයින් අගය කරන අතර අපේක්ෂිත සුදුසුකම් සහිත බහුසංස්කෘතික සාමාජිකයන් බඳවා ගැනීමට බලාපොරොත්තු වේ. බඳවා ගන්නා අපේක්ෂකයන් සංස්කෘතික සහ භාෂාන්තර පසුබිම් සහිත පුද්ගලයන් කෙරෙහි දයාවෙන් සහ අවබෝධයෙන් ක්‍රියා කළ හැකි අය වීම අවශ්‍යය. 

PCOs වරුන් පහත සඳහන් නාගරික සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන සඳහා බඳවා ගැනේ:

 

Broadmeadows Bairnsdale
Dandenong Ballarat
Frankston Bendigo
Heidelberg Geelong
Melbourne West (CBD) Horsham
Mill Park Mildura
Moorabbin Morwell
Ringwood Sale
Sunshine Shepparton
  Swan Hill
  Wangaratta
  Warrnambool
  Wodonga

 

 

www.AusNewsLanka.com - The Online News Magazine for Sri Lankans in Australia

Last modified on Tuesday, 22 March 2016 22:14
admin

Admin - AusNewsLanka.com
email: admin@ausnewslanka.com