ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවේදනයක්

0
448

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021ක වසර දක්වා කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලට නැවත වරක් සුදුසුකම් ලබා ගැනීමේ මට්ටමට පැමිණිය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ බව සඳහන් කළේය.

චීනයේ වුහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වු නව කොරෝනා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සහ ජපාන රජයට විවිධ පිරිස් දැඩි පීඩන එල්ල වු අතර පසුව තීරණය කෙරුණේ ඔලිම්පික් උළෙළ 2021ක වසර දක්වා කල්දැමීමටයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටි සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2021ක වසර දක්වා කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලට නැවත වරක් සුදුසුකම් ලබා ගැනීමේ මට්ටමට පැමිණිය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කළේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි ද අහෝසි කිරීමට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක් අතරින් 57%ක පිරිසක් 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා බවයි.

ඒ අනුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම සුදුසුකම් රඳවා තබා ගත යුතු බවත් ඔවුන් නැවතත් තෝරා ගැනීමට ලක් කිරීමට එම රටවල් හි ජාතික ඔලිම්පික් කමිටු පියවර ගත යුතු බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කර තිබේ.