ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය 2022 දක්වා කල්යයි

0
392

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට එම තරග සංවිධායකින් තීරණය කර තිබේ.

තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ 2021 වසරේදීයි.

2021 වසරේ අගෝස්තු මස 6 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි.

එහෙත් ලොව පුරා මේ දින වල පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලබන වසර දක්වා කල් දැමුණු ඔලිම්පික් උළෙල සහ පැරාඔලිම්පික් තරගාවලිය එම කාලය තුළදී පැවැත්වීමටයි සංවිධානය වී තිබේ.

ඒ අනුව ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ද එම දිනයන් හිදී සංවිධානය වීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා එය අපහසු බැවින් මෙලෙස එම තරගාවලිය 2022 වසර දක්වා කල්දමා ඇත.

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය සෑම වසර දෙකකට වරක් පැවැත්වෙන අතර මෙවර එය 2022 වසර දක්වා කල් දැමීමට සිදු වීම විශේෂත්වයක්.