2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලියත් කල් යයි

0
338

එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ.

ඒ ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන්.

කාන්තා යුරෝපී පාපන්දු ශූරතා තරගාවලිය 2021 වසරේ ජුලි මස 11 වැනිදා සිට අගෝස්තු මස පළමු වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් කාන්තා යුරෝපීය පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග නොපැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ අනුව ඩෙන්මාර්කයේ පාපන්දු සංගමය රටවල් කිහිපයක් සමඟින් සිදු කළ විඩියෝ සාකච්ඡා මගින් තීරණය කර තිබෙන්නේ මෙවර කාන්තා යුරෝපීය පාපන්දු ශූරතාවලිය වසරකින් කල් දැමීමටයි.

කෙසේ වෙතත් එංගලන්ත පාපන්දු සංගමය මෙම තරගාවලිය කල් දැමීම නිල වශයෙන් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.