රුපියල් මිලියන සියයකට වැඩි සුව ආධාර ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය පද්ධතියට සැපයූ හුස්මකට හයියක් නිමාව

0
1274

මිනිසත් බවින් පිරිපුන් මෙල්බර්න් ප්‍රමුඛ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනක් එක මිටකට ගොනුකළ Australian Covid Appeal for SriLanka,
හුස්මකට හයියක්’ වැඩසටහන පසුගිය ඔක්තෝබර් 31වැනි ඉරිදා, සැලසුම් කල විදියටම සාර්ථකව නිමාව දුටුවා.

ඕස්ට්‍රේලියන් ඩොලර් 406,000 ඉක්මවූ මූල්‍ය ආධාර සහ ඩොලර් 50,000 අධික ද්‍රව්‍යමය ආධාර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ රැස් කිරීමට මෙම ව්‍යාපෘතියට හැකි වූවා.

කෝවිඩ් රෝගය පාලනය සඳහා රෝහල්වලට අවශ්‍ය කරන ඉහළම තත්ත්වයේ උපකරණ අතරමැදියන් ගෙන් තොරව ලබා ගෙන ව්‍යාපෘතියට රුපියල් මිලියන සියයකට වඩා අගයක් ලබා දීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ කණ්ඩායම සමත් වුණා.

ඒ සාර්ථකත්වය පිළිබඳව කණ්ඩායමේ සාමාජිකයෙක් දැක්වූ අදහස් පහතින්..

ශ්‍රී ලංකාවේ Covid වසංගත තත්ත්වයට උදව් කරන්නට වෙන fundraiser ගොඩක් මැද්දෙ හුස්මකට හයියක් මෙතරම් ලොකුවට ‘පත්තු’ වුනේ විශේෂ හේතු කිහිපයක් උඩ.

පැහැදිලි ක්‍රම වේදයක්, විනිවිදභාවය සහ වගකීම වගේම කිසිදු දේශපාලන පක්ෂයකට ගෑවෙන්නේ නැති බව මුල සිටම ප්‍රකාශ කිරීම කියන කාරනා පොඩි පොඩි පොකට් zoom meetings හරහා දැනුවත් කිරීමෙන් මුලින්ම  තීරනාත්මක ප්‍රජා කන්ඩායම්වල විශ්වාසය දිනා ගන්න අපේ කන්ඩායමට හැකි වුනා.
ඒ තමයි ආදි ශිෂ්‍ය/ශිෂ්‍යා, විශ්වවිද්‍යාල විද්‍යාර්ථී, ක්‍රීඩා සමාජ එකමුතු, ව්‍යාපාරිකයන් සහ වෘත්තික සංගම්.
ඒ විශ්වාසය හරහා මේ කන්ඩායම් තමන්ගේ සාමාජික සේනාව, අපේ කන්ඩායම මෙහෙයවපු Whatsapp groups වෙත ගෙන ආවා. ඇත්තටම මේ වැඩේ නිල වශයෙන් දියත් කරන්න ගන්න කොටත් ඒ Whatsapp groups හරහා එකමුතුව මේ වැඩේ කරන්න, උනන්දුවක් තියෙන ප්‍රජාවක් පසුබිමේ හැදිල තිබුනෙ.
අන්න ඒ ප්‍රජාව හරහා ආපු කට වචනය තමයි social media team එක organic growth එකක් හරහා viral කරේ. ඔය අතරෙ කන්ඩායම, ප්‍රජා ගුවන් විදුලි සේවාවලට, විවිධ ආයතනවලට, මධ්‍යම පරිමාන ශ්‍රී ලාංකික ව්‍යාපාර වලට එහෙම කතා කරලා, මේ වැඩේ ගතිකය (momentum) පොඩි පොඩි රැලි හරහා දිගටම කලමනාකරනය කර ගත්තා. ඇත්තටම වෙනත් මේ වගේ fundraiser වලට අධ්‍යයනයක් කරන්න පවා වටිනවා, අපේ කන්ඩායම ඉගෙන ගනිමින්, සේන්දු වුන, වැඩ ගත් මේ අලුත් අවකාශය.

ශ්‍රී ලාංකිකයන් එකමුතුව සිදු කරන මුදල් එක්රැස් කිරීම් සහ සුබසාධන වැඩසටහන් වලට නව ප්‍රවණතාවයක් එක් කරමින් ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක්, විගණනයට ලක් වූ ගිනුම් විස්තර ආදිය අලුත්ම විදියට online eBook ලෙස එළිදැක්වූවා.

පහත සබැඳිය තුලින් ඔබට එම වාර්තාවට පිවිසිය හැකියි.

Read the EBOOK