“කවුරුවත් දන්නේ නෑ” අද ලංකාවේ රජ දැක්මට සූදානම්

0
849

ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන් අතර 2021 වර්ෂයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගත් “කවුරුවත් දන්නේ නෑ” අද ලංකාවේ රජ දැක්මට සූදානම් වෙනවා.
ලංකාවේ වර්තමාන දේශපාලන, සාමාජීය අර්බුදය හා එහි මූලය පිලිබදව සූක්ෂමව ඉදිරිපත් කරන තේමාව ප්‍රේරේක්ෂකාගාරයෙන් ඔබ්බටත් මේ චිත්‍රපටය පිලිබද කතාබහ විහිදීයන්නට හේතුවුනා. කෝවිඩ් බලපෑම් මැද පවා චිත්‍රපටයේ දර්ශනවාර 41ක් ප්‍රදර්ශනය වුනා වගේම එයින් 26කම ආසන ප්‍රදර්ශන දිනයටත් කලින් වෙන්වී අවසන් වුනා. චිත්‍රපටයට තිබුනු දැඩි ඉල්ලීම නිසා වෙනදා සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර නොතිබුනු ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ නගර 7කත් ප්‍රථම වරට “කවුරුවත් දන්නේ නෑ” ප්‍රදර්ශනය වුනා.
අදින් ඇරඹෙන “කවුරුවත් දන්නේ නෑ” රජ ගමනට Bennett Rathnayake ඇතුලු කණ්ඩායමට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, UK ප්‍රදර්ශනය, බෙදාහැරීම සිදු කල (Mega Live Events) කණ්ඩායම හා Aus News Lanka වෙතින් සුභ පැතුම්.