☀️ගාඩි 🏆ජයග්‍රාහී සම්මානය 🇦🇺ඕස්ට්‍රේලියාවේදී “ප්‍රසන්න විතානගේ” අතට

0
646

ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ Asian Pacific Screen Awards අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ජයග්‍රහණය කිරීම ඉතාම සුවිශේෂයි. එම සම්මානය ඊයේ දිනයේදී බ්‍රිස්බන්වලදී කෘතහස්ත සිනමාවේදී ප්‍රසන්න විතානගේ වෙත සම්මාන උළෙලේ කමිටුව වෙතින් ප්‍රදානය කෙරුනා.

1814 වසරේදී බ්‍රිතාන්‍ය පාලන සමයේ ශ්‍රී ලාංකික ජනතාව ගත කල ජීවිතය අළලා ගාඩි චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

ප්‍රසන්නගේ දසවැනි සිනමා නිර්මාණය වන “ගාඩි” (CHILDREN OF THE SUN) කන්ද උඩරට රාජධානි සමයේ අවසන් භාගයේ සිදුවීම් පාදක කරගනිමින් නිර්මාණය වූව කි.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ “ගාඩි” චිත්‍රපටය 14 වැනි Asia Pacific Screen Awards (APSA) අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ සංස්කෘතික විවිධත්ව සම්මාන අංශයේ ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.

සංස්කෘතික විවිධත්ව සම්මානය (Cultural Diversity Award) ලබාදෙන්නේ යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රාහකත්වය යටතේ ය.

මීට අදාල සම්මාන ප්‍රධාන උත්සවය පසුගිය වසරේ නොවැම්බර් 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වුණා.

මෙම සම්මාන උළෙල් සම්මානයක් සඳහා ලාංකිකයන් මීට පෙර නිර්දේශ වී තිබුණද සම්මානයක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

2007 දී ආරම්භ කළ Asia Pacific Screen Awards (APSA) සිනමා සම්මාන උලෙළේ 15 වන අධියර ලබන නොවැම්බර් 11 වනදා මෙරටදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා, ඉන්දීය සහ යුරෝපිය සම නිෂ්පාදනයක් ලෙස නිමවූ මෙම සිනමාපටය 8 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූරියේ විශේෂ ඇගයීමට පාත්‍ර විය.

24 වැනි බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල, 17 වැනි සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තර්ජාතික දකුණු ආසියානු සිනමා උලෙළ (SFISAFF), රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළ (IFFR), 24 වැනි කේරළ අන්තර්ජාතික සිනමා උලෙළ ඇතුළු ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙළ ගණනාවක දී මෙම සිනමාපටය ප්‍රදර්ශනය කෙරුණි.

“ගාඩි” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ සජිත අනුත්තර ඇන්තනි සහ ඩිනාරා පුංචිහේවා විසිනි.

රවින්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, ශ්‍යාම් ප්‍රනාන්දු, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා සෙසු ප්‍රධාන චරිතවලට පණ පොවති.

“ගාඩි” චිත්‍රපටය ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය පුරා සිනමාශාලා 25ක දැන් ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ චිත්‍රපටය බෙදාහැරීම Mega Live Events