පුත්තලමට හැමු සුළඟින් නිවාස 635කට හානි

0
436

පුත්තලම දිස්ත්‍රික්කයට ඊයේ(15) ඇති වු තද සුළං තත්ත්වයෙන් නිවාස 635කට හානි සිදුව තිබේ.

එයින් නිවාස 37 ක පමණ වහළ සම්පූර්ණයෙන්ම හානියට පත්ව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව, නවගත්තේගම, පුත්තලම, වනාතවිල්ලුව සහ මහකුඹුක්කඩවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 5ක නිවාස මෙලෙස විනාශ වී ඇත.

මේ වන විට අවතැන් ජනතාව ආරක්ෂිත ස්ථානවල රඳවා තිබේ.

සම්පූර්ණයෙන්ම වහල හානියට පත්ව ඇති නාවස අද(16) උදෑසන 10 ට පෙර තාවකාලික ආවරණ ලබා දීමට අවශ්‍ය පියවර ගත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හානියට පත්ව ඇති නාවසවල හානිය කොපමණ ද ගණන් බැලීම මේ වන විට සිදුවන අතර හානියට පත්ව ඇති නිවාස සඳහා වන්දි මුදල් ලබා දිම අද දිනයේ දීම අවසන් කිරීමට උපදෙස් ලබා දී ඇත.