ඇමෙරිකා ජාතික ටෙනිස් මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට

0
523

ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය පැවැත්වීමට නියමිතව තිබූ බීලි ජින් කිං ජාතික ටෙනිස් මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත් කර තිබේ.

ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වන රෝගීන් සඳහායි.

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වු නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් සහ කලාප 200කට ආසන්න සංඛ්‍යාවක ව්‍යාප්ත වී තිබේ.

ඉන් මේ වන විට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන ඇමෙරිකාවේ මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා එරට බීලි ජින් කිං ජාතික ටෙනිස් මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත් කර ඇති බව සඳහන්.

නිව්යෝක් නුවර නගරාධිපති බ්ලැසියෝ ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ අතර ගෘහස්ථ ටෙනිස් පිටියේ රෝගීන් සඳහා ඇදන් 350ක් සකස් කර තිබේ.

එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වන රෝගීන් සඳහන් ප්‍රතිකාර කිරීමට මැන්හැටන් ජොකොබ් ජාවිට්ස් සම්මන්ත්‍රණ ශාලාවේද ඇදන් 1000කින් සමන්විත රෝහලක් ලෙස සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව පසුගිය දා මැන්හැටන්හි උදානයකද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඇදන් 68කින් සමන්විත රෝහල්ක් ද සකස් කර තිබේ.